Tuesday, October 18, 2016

Mystery of Teresa Fidalgo

හෙහේ.....ඕං මං අමුතු දෙයක් උස්සං ආවා.. කලින් කියන්න ඕන මේක මං අහම්බෙන් දැකපු දෙයක් ඉතිං මං ඔයාල වෙනුවෙන් ගෙනාවා..
_________________________________
මේ දවස් වල බුකිය පුරාම වෙගයෙන් ශෙයා වෙන මැසෙජ් එකක ඇත්ත කතාව කියන්න ඔනේ කියලා හිතුනා ඇය තමා teresa fidalgo,teresa ජිවත් උනේ පෘතුගාලයේ 1983 වර්ෂයේ දවසක ඇගේ මව රිය අනතුරක් හෙතුවෙන් මිය යනවා ඊට හරියටම දින 29කට පස්සේ ඇය තම මවගේ වාහනයෙන් පෘතුගාලයේ කදුකර ප්‍රදේශයේ ගමනක් යන්න පටන් ගන්නවා.එත් ඒ අතරතුර සිදුවන අනතුරකින් සුරෑපි තෙරේසා මිය යනවා.මේ ලිපිය ලියන මොහත වෙනකොටත් ඇගේ මෘත ශරීරය සොයා ගන්න කිසිවෙකුට හැකි වෙලත් නැ ඒ වගේම ඒ අනතුර සිදු වෙච්ච ආකාරය තවමත් ලෝකයට අබිරහසක්,එදායින් පස්සේ තමා teresa කියන නම ලෝකයේ ජනප්‍රිය වෙන්නේ.ඒකට හේතුව තමා ඇය අනතුරට ලක් වු ස්ථානයේ එක දිගටම අත්භුත ආකාරයේ වාහන අනතුරු රාත්‍රි කාලයේ සිද්ද වෙන්න පටන් ගන්නේ ඒ අනතුරට පත් වන හැමොම කිවේ එකම විදිහේ කතාවක්.ඒ තමයි ඒ අනතුරු සිද්ද වෙන වාහනවල‍ට යම් කිසි කාන්තාවක් අත දානවා ඇය බොහො සුරෑපි කාන්තාවක් ඒ නිසා බොහෝ දෙනෙක් ඇයව තමන්ගේ වාහනයට නංවා ගන්නවා ඇය වාහනයට නංවා ගැනිමෙන් පසුව මේ teresha ඇය අනතුරට ලක්වු ස්ථානයේදිම ඇය කියනවා මම teresha fidalog කියලා ඒ වගේම මම රිය අනතුරට පත් උනේ මේ ස්ථානයේදි කියනකොට අර වාහනෙත් නොසිතු ආකාරයෙන් අනතුරට පත් වෙලා තියෙනවා ඒ සමගම teresha  ඒක පාරටම වාහනයෙන් අතුරුදහන් වෙනවලු.
කලකට පසුව මෙම ස්ථානය හරහා විනෝද චාරිකාවක යෙදුනු කන්ඩායමක් මේ ගමන විඩියෝ කලා.එදත් අර teresa අදාල ස්ථානයේදිම මෙම වාහනයට නගිනවා ඒ වගෙම මෙම වාහනයේ  ඉනන තරුණයන් ඇයත් එක්ක යෙදෙන කතා බහත් ඇය තමන්ගේ තොරතුරු පවසන ආකාරයත් වාහනය අනතුරට පත්වන ආකාරයත් කැමරා කාචයේ අපුරුවට සටහන් වෙලා තිබුනා.මේ අනතුරින් කිසිවෙකු බේරුනේ නැතත් මේ සිදුවිම අපුරුවට පටිගත වෙලා තිබුනා.ඒ විඩියොව ලොව පුරා ජනප්‍රිය වුනා white Lady (Teresa Fidalgo) නමින්.

ඇත්තටම මේ ඔයාලා එවන මැසෙජ් එක තව විසි දෙනෙකුට යැවුවේ නෑ කියලා white Lady (Teresa Fidalgo) ඔයාලා එක්ක දොයිය ගන්න ඔයාලගේ ඇදට එන්නේ නෑ.අපේ මිනිසුන්ගේ තියෙන මොඩ හා නුගත් කමට තමයි මේ මෝඩ වැඩේ කරන්නේ කොහම නමුත් white Lady (Teresa Fidalgo) කියන්නේ ලෝකය පුරා ජනප්‍රිය උන සුරෑපි හොල්මන් කාන්තාවක්..

  • Link to the video


https://youtu.be/o_a70cughDE

ඔබේ අදහස් comment කරන්න

No comments:

Post a Comment